Saturday, October 27, 2012

නොදත් තොරතුරු 1 : Albert Einstein


  • උත්පත්තියෙන් හිස විශාලව පිහිටන ලද අතර ඔහු අංග විකල දරුවෙක් යැය් මව විසින් සිතා තිබේ.
  • කුඩා කල කතා කිරීමේ දුෂ්කරතාවයකින් පෙලී සිට ඇත.
  • විශ්වවිද්යාලට ඇතුලත් වීමේ විභාගයෙන් අසමත් වන ලදී. 
  • ඇමරිකානු ජනාදිපති ෆ්‍රැන්ක්ලින් රුස්ල්වෙල් හට පරමාණු බෝම්බය නිපදවීමේ අදහසට මුල් වී ඇත්තේ Einstein විසින් කල අනතුරු අගවීමකි.
     

Friday, October 26, 2012

හොද චිත්‍රපටියක් 3 : City of God


Cidade de Deus (City Of God)


2014 පාපන්දු ලෝක කුසලානය මෙන්ම 2016 ඔලිම්පික් උළෙල පැවැත්වීමටද නියමිත Rio de Janeiro නුවර අතිශය සුන්දර මෙන්ම දියුණු නගරයකි. නමුත් එම සුන්දරත්වයෙන් පිටුපස තිබෙන්නේ අමිහිරි අතීතයකි. 2002 වසරේ තිරගත වූ බ්‍රසීලියානු පෘතුගීසි භාෂාවෙන් නිමවුණු චිත්‍රපටය 1960 දශකයේ Rio නුවර පත්ව තිබු ඛේදජනක තත්වය පෙන්නුම් කරවය්. මෙය සත්‍ය සිද්දි ඇසුරෙන් කෙරුණු නිර්මාණයක් වන අතර Rio නුවර අවට පහල මට්ටමේ  ජීවන තත්වයක් ගෙවන පවුලක තරුණයකු ආයුද හා මත්ද්‍රවය සංස්කෘතිය සමග ගැටෙමින් තම ආදරය සොයා යාම  පිළිබිඹු කරය්.

Tuesday, October 23, 2012

පුදුම 1 : Coral Castle


1920 දී ලැට්වියානු-ඇමෙරිකානු ජාතික Edward Leedskalnin විසින් නිර්මාණය කරන ලද මෙය නවීන විද්‍යාවෙන් පැහැදිලි කරගත නොහැකි අපුර්ව නිර්මාණයකි. දැවැන්ත හිරිගල් සමුහයකින් මෙය සදා ඇති අතර එඩ්වර්ඩ් විසින් මෙය නිර්මාණය කිරීමට ඔහු යොදාගත් උපක්‍රමය ගැන හෙළි කොට නොමැත. පිරමීඩ සැදීමට යොදාගත් තාක්ෂනය මෙයට යොදාගත් බව එඩ්වර්ඩ් පැවසු බවට වාර්තා ඇත.
මෙය නිර්මාණය කරනු ඇසින් දුටුවන් යැය් පවසන පිරිස් විසින් තවත් විස්මිත තොරතුරු පවසා ඇතත් ඒවා තහවුරු වූ තත්වයේ නොමැත.
මෙය වසර 90 ක කාලයක් පුරා නොවිසදුනු අභිරහසකි 

Monday, October 22, 2012

හොද චිත්‍රපටියක් 2 : Hotel Ruwanda


2004 වසරේ තිරගත වූ චිත්‍රපටයකි.ටුට්සි සහ හුටු ගෝත්‍රික ගැටුම් වලට මැදි වූ හෝටල් කළමණාකරුවෙකු දහස් ගණන් ටුට්සි සරණාගතයන් පිරිසක් බේරා ගැනීමට දරන උත්සාහය පෙන්නුම් කරන මෙම ච්ත්‍රපටය සත්‍ය සිද්දියක් මත පදනම් වුවකි.
මෙම සමය තුල රුවන්ඩාවේ ලක්ෂ 5 ත් 10 ත් අතර ජනයා මරා දමන ලද අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලෝක බලවතුන් මෙම සංහාරය වැලක්වීමට සක්‍රිය අත පෙවීමක් නොකරන ලදී.

Sunday, October 21, 2012

හොද පින්තුරයක් 1 : ඡයාරුපයකට පෙනී සිටි මුල්ම මිනිසා




මිනිසෙකුගේ රුව රැගත් ලොව ප්‍රථම ඡයාරූපය මෙය වේ. මෙම අවදියේ ඡයාරූපයක් ගැනීමට කමරාවෙහි විවරය විනාඩි කිහිපයක් පුරා විව්ර්තව තැබිය යුතු වන අතර එම නිසා චලනය වන වස්තු රූපයට හසු නොවේ. නමුත් මෙහි සිටින පුද්ගලයා අදාල කාලය පුරා තම සපත්තුව සපත්තු මදින්නෙකු ලවා මදිමින් නිසලව සිටි නිසා ඔහුව මෙමෙ ඡයාරූපයට හසු විය. මෙහි දැක්වෙන මාර්ගයද අදාල අවස්ථාවේ කරත්ත වලින් පිරි තිබී ඇති මුත් ඒවා චලනය වෙමින් තිබු නිසා මෙහි සටහන්ව නැත.

හොද චිත්‍රපටියක් 1 : The Good, the Bad and the Ugly

Il buono, il brutto, il cattivo (The Good, the Bad and the Ugly)

1966 තිරගත වූ ඉතාලි චිත්‍රපටියකි. ඇමරිකානු සිවිල් යුද්දය පසුබිම් කරගත් මෙම ක්‍රියාදාම චිත්‍රපටය ලොව බිහි වූ විශිෂ්ටතම නිර්මාණයක් ලෙස සැලකේ. සගවා තිබෙන රත්තරන් තොගයක් සොයා ගැනීමට උත්සාහ කරන තුන් ආකාරයක පුද්ගලයන් තිදෙනෙකු ගැන කියවෙන කතාන්දරයකි. මෙය Sergio Leone ගේ චිත්‍රපටයකි.